Start donating Vulnerable people

Blog Details

Image
Image

 

“බෞද්ධ සංචාරක කර්මාන්තය” ( budhist tourism ) හඳුන්වා දීම තුළින් රටට විදේශ විනිමය උපයා ගැනීම නව අවස්ථාවන් උදාවන බවත් බලධාරින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, උපරතන පාරමිතා පදනමේ සභාපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණෝ අවධාරණය කරති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පොළොන්නරුව ඕනෑගම වෙහෙරගොඩයාය පුදබිම ආශ්‍රිතව ඉදිකිරීම ට නියමිත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැන්පත් කිරීමේ උත්සවයට ඊයේ (21) සහභාගි වෙමිනි.

බොහෝ බෞද්ධ රාජ්‍යයන් බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා අවතීර්ණ වී සිටින බවත් ශ්‍රී ලංකාවද ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර අලුත් සංකල්ප වෙත අවතීර්ණ විය යුතු බවත් කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ මෙහිදී සඳහන් කළහ.

” උපරතන පාරමිතා පදනමේ මූල්‍ය අනුග්‍රහය සහිතව ඉදිකිරීම ට යෝජිත
මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පුරාවිද්‍යා විෂය අධ්‍යයන මධ්‍යස්ථානය ක් හා බෞද්ධ දර්ශනය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය ක් ලෙස ඉදිරියේ දී සංවර්ධන කිරීමට අපේක්ෂා කරන බව කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

වෙහෙරගොඩයාය පුදබිම ආශ්‍රිතව ඉදිකිරීම ට යෝජිත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, කටුගස්තොට උපරතන නායක හිමිපාණන් නමින් නම් කිරීමට නියමිතය.
වෙහෙරගොඩයාය පුදබිම අනුරාධපුර යුගයේ මුල් වකවානුවට අයත් ආරාම සංකීර්ණය ක් බවට පුරාවිද්‍යාත්මක නිගමනය වේ.

මේ වනවිට ඉපැරැණි චෛත්‍ය කිහිපයක අවශේෂ දැක ගත හැකිය.
එමෙන්ම පැරණි රන්කාසි, පබළු, මැටි බඳුන්, කොරවක්ගල්, සඳකඩ පහන්, ගල්කණු ආදිය නිරීක්ෂණය කිරීමේදී මෙම පූජා භූමිය පොළොන්නරුව යුගයේ දී අවස්ථා කීපයකදීම ප්‍රතිසංස්කරණ වී ඇතිබව ට විශ්වාස කෙරේ.

වෙහෙරගොඩයාය පූජා භූමිය ආශ්‍රිතව ඉදිකෙරෙන අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ට මුල්ගල තැන්පත් කිරීමේ අවස්ථාව ට ඕනෑගම මැදමළුව විහාරස්ථානයේ විහාරාධිපති, උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය කවුඩාගම්මන විමලරතන හිමිපාණන් වහන්සේ, වෙහෙරගොඩයාය පුදබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති නිකපිටියේ චන්දිම හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, උපරතන පාරමිතා පදනමේ විධායක අධ්‍යක්ෂ ජීවිකා කටුමැටියාව මහත්මිය, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත කුමාර මහතා සහ ප්‍රදේශයේ බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී “උපරතන පාරමිතා පදනම” අනුග්‍රහයෙන් මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදි.

Leave A Comment