- Written by: admin
- January 30, 2026
ආපදා වලින් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව ගේ ජනජීවිතය නගා සිටුවීම සඳහා ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීකයින්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 52 ක් Rebuilding Srilanka වැඩසටහන ට පරිත්‍යාග කෙරේ..
——————-
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව ගේ ජනජීවිතය යථා තත්ත්වය ට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන ව්‍යාපෘතිය ට සහාය වීමක් ලෙස, ඇමරිකා එක්සත් ජනපදයේ, මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වයෙන් “Rebuilding Srilanka” වැඩසටහන ට තවත් රුපියල් ලක්ෂ 52 ක් අද පරිත්‍යාග කෙරිණි.
එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, උපරතන පාරමිතා පදනමේ සභාපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම මත මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය සංවිධාන සහ සංගම් වල සාමාජිකයන් ගේ මෙන්ම විහාරස්ථානයේ දායක දායිකාවන් ගේ මූල්‍ය පරිත්‍යාග යටතේ රැස්කරන ලද ඇමරිකානු ඩොලර් 17000 කට අදාල චෙක්ප අද (23) පෙරවරුවේ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ දී පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ විසින් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ට ප්‍රදානය කරන ලදි.
චෙක්පත ප්‍රදානය කිරීමෙන් අනතුරුව අදහස් පලකළ පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් පෙන්වා දුන්නේ තම මවුබිමේ සහෝදර ජනතාව ගේ ජීවිත නගා සිටුවීම සඳහා දායකත්වය ලබාදුන් සියළු ජනතාව ට කෘත වේදිත්වය පළකර සිටින බවයි. ඉදිරියට ද ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට සහාය වන ලෙසද උන්වහන්සේ ඉල්ලාසිටිහ.
මෙහිදී අදහස් දැක්වූ තානාපති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ දායක දායිකාවන් සහ ශ්‍රී ලාංකීය ප්‍රජාවගෙන් සැදුම් ලත් සංවිධාන එක අරමුණ ක් යටතේ සිදු කළ මෙම ක්‍රියා දාමය ට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගෞරවයෙන් සිහිපත් කරන බවයි.
නිල නොලත් තානාපති වරයෙකු ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ දශක ගණනාවක් තිස්සේ පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ විශ්වාසය දිනාගනිමින් සිදුකරන සමාජ සත්කාරක සේවා ව මහින්ද සමරසිංහ මහතා සිහිපත් කර සිටියේ ය.
මෙම අවස්ථාව ට එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ නියෝජ්‍ය තානාපති මදුක වික්‍රමාරච්චි මහතා සහ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම් ලත් සංවිධාන වල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
