Start donating Vulnerable people

Blog Details

Image
Image

ශ්‍රී ලංකා ඇමරිකා සෞඛ්‍ය සේවා සංගමය දෙවනවරටත් සංවිධානය කළ සෞඛ්‍ය සේවා කඳවුර මෙවරත් මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ දී පැවැත්ව්නි.
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, උපරතන පාරමිතා පදනමේ සභාපති පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම සෞඛ්‍ය සේවා කඳවුර සඳහා මොන්ට්ගොමරි ප්‍රාන්ත සභාවේ ද සහාය ලැබී තිබුණි.

මෙම සෞඛ්‍ය සේවා කඳවුර මගින් මේරිලන්ඩ් ප්‍රාන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවටනොමිලයේ සෞඛ්‍ය උපදෙස් ලබා දීම, සහ ඖෂධ ලබා දීම සිදුකෙරෙන අතර, රුධිර පරීක්ෂණ කටයුතු, අක්ෂි සායනය, අත්‍යවශ්‍ය පූර්ව එන්නත් ලබාදීම, ශ්‍රවණ පරීක්ෂණ, සිදුකිරීම ඇතුළු සෞඛ්‍ය සේවා ඇතුළත් වේ.

මෙම මූලික සෞඛ්‍යය පරීක්ෂණ මගින් රෝග විනිශ්චය කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් විශේෂ සායන වෙත ‍යොමු කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපානන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම සෞඛ්‍ය සේවා කඳවුර මගින් මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මූලික මඟපෙන්වීම ලැබෙනු ඇතිබවයි.
සෞඛ්‍ය රක්ෂණ නොමැති ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධික මිලක් වැය කිරීමට සිදුවී ඇතිබවත් ඒ අනුව මෙම සෞඛ්‍ය සේවා කඳවුර මගින් සෞඛ්‍ය රක්ෂණ නොමැති විශාල පිරිසකට ඉමහත් සේවා වාවක් සැලසෙන බව ත් පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණෝ සඳහන් කළහ.
මෙම අවස්ථාව ට මොන්ටි ගොමරි ප්‍රාන්ත සභාවේ සෞඛ්‍යය සේවා නිලධාරීන්, වෛද්‍ය වරුන්, හෙදියන් සහ නිලධාරීන්, ශ්‍රී ලංකා ඇමරිකා සෞඛ්‍ය සේවා සංගමයේ සාමාජිකයින්, සහ ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව සහභාගි වී සිටියහ

Leave A Comment